සජබ මන්ත්‍රී රෝහණ අවුලෙන් - අවුල අහලා එක දිගට ඇමතුම්

Report

යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හා රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා යම්කිසි ගැටලුකාරී තත්ත්වයකින් පෙළීම නිසා ඒ පිළිබඳව විමසීමට සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨයන් රැසක්ම ඊයේ දින (21) ඊයේ දින ඔහුට දුරකථනයෙන් කතාකොට තිබේ.

එහිදී රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කොට ඇත්තේ තමාට යම්කිසි අසාධාරණයක් සිදුවී ඇති බව සහ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කොට ගැටළු විසඳා ගැනීමට ඔහු මේ වන විට කටයුතු කරන බවයි.

ඔහු පවසන ආකාරයට අනුරාධපුර මහ නගර සභාවට සමගි ජන බලවේගයේ සභිකයකු පත්කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවී ඇති මතභේදාත්මක තත්ත්වයක් හමුවේ මෙම ගැටලුව පැන නැගී තිබෙනවා.

කෙසේ වෙතත් රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයාට අජිත්.පී පෙරේරා, ලක්ෂ්මන් ෆොන්සේකා ඇතුළු සමගි ජන බලවේගයේ ප්‍රබලයින් රැසක්ම දුරකථනයෙන් කතා කොට තිබෙනවා. රෝහණ බණ්ඩාර ප්‍රකාශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සාකච්ඡා කරන බවයි.

ඊයේ දින සජිත් ප්‍රේමදාස හමුවීමට රෝහණ බණ්ඩාර සහ සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් අනෙක් මන්ත්‍රීවරයා වන සුරංග රත්නායක සූදානමින් සිටි බවද වාර්තාවනවා.

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

ඕඅයිසීට පාට් දැමූ පොලිස් පොඩ්ඩාගේ වැඩ තහනම්

නමුත් ඊයේ දින සුරංග රත්නායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොපැමිණ නිසා එම අවස්ථාව මඟහැරී ඇති අතර එම අවස්ථාව අද, හෙටම උදා කරගනු ඇතැයි වාර්තාවනවා.

පද්මේ මට කීවා එයාටත් ලස්සන වෙන්න ඕනි කියලා - පියුමි පද්මෙ එක්ක තිබ්බ පලහිලව්ව වමාරයි

පද්මේ මට කීවා එයාටත් ලස්සන වෙන්න ඕනි කියලා - පියුමි පද්මෙ එක්ක තිබ්බ පලහිලව්ව වමාරයි

තමන් සමගි ජන බලවේගය ශක්තිමත් කර ඉදිරියට යෑමට කටයුතු කරන බවත් මෙම ගැටළුව එම කාරණයට බාධාවක් කරගන්නේ නොමැති බවත් රෝහණ බණ්ඩාර තම හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ඊයේ දින ප්‍රකාශ කර තිබෙනවා.

ලොකු පැටීගේ මුදල් භාරව සිටි කපු මහත්තයා අත්අඩංගුවට

ලොකු පැටීගේ මුදල් භාරව සිටි කපු මහත්තයා අත්අඩංගුවට