රජයේ තනතුරු දෙකකට නව පත්වීම් මෙන්න
ජේ. එම්. එස්.ඩී. රත්නායක මහතා ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරින් සැප්තැම්බර් 21 වැනිදා විශ්‍රාම ගෙන ඇත. මේ හේතුවෙන් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පුරප්පාඩුවක් ඇති වී තිබේ.
ඒ අනුව එම තනතුරට සුදුසු නිලධාරියෙකු හඳුනා ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා ඇත.
පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිර්දේශ මත පදනම්ව ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ. ටී. අයි. ප්‍රේමරත්න ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
එමෙන්ම අමාත්‍ය මණ්ඩලය තීරණයකට අනුව එන්.කේ.යූ.රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජනරාල් තනතුරට පත් කිරීමට අනුමත කර ඇත.
මීට පෙර යි.ජී.ඥානතිලක මහතා ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සර්වේයර් ජෙනරාල් වශයෙන් සේවය කළද 2025-10-01 දින රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගෙන ඇත.
ඉන් අනතුරුව කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඊට අනුව එන්.කේ.යූ.රෝහණ මහතා පුරප්පාඩු වී ඇති සර්වේයර් ජනරාල් තනතුරට ශ්‍රී ලංකා මිනින්දෝරු සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සර්වේයර් ජනරාල්වරයා ලෙස පත් කර ඇත.