මුදලට තරග පාවාදීමට කල බලපෑම් පිළිබද ප්‍රේම් මතීස් කටර්ගෙන් රහස් ප්‍රකාශයක්..
මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන “ලංකා T 10 සුපර් ලීග්” ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට බලපෑම් කළේ යැයි කියන “ගෝල් මාවල්ස්” කණ්ඩායමේ හිමිකාර ඉන්දීය ජාතිකයා ලබන 18 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (16) නියෝග කළේය.
මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබිය. එම අවස්ථාවේදී අදාළ විත්තිකරු මහෙස්ත්‍රාත්වරයාගේ නිල මැදිරියේදී දැනුම් දී තිබුණේ මෙම වරද සම්බන්ධයෙන් තමන් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ රහස් ප්‍රකාශයක් ලබාදීමට එකඟ වන බවය.
ඒ අනුව අදාළ රහස් ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා අදාළ සැකකරුව ලබන 18 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. එතෙක් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කර තිබේ.
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ විශේෂ විමර්ශන පොලිස් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දීය ජාතික ප්‍රේම් මතීස් කටර් සැකකරුව මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරු සිද්ධිය අනාවරණය කරමින් ලබාදීමට නියමිත රහස් ප්‍රකාශය එදින ලබා දෙන ලෙසට නියෝග කළේය.
සැකකරු පසුගිය 13 වෙනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි.
සැකකරු අද දින බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශවයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු රහස් ප්‍රකාශයක් ලබා දෙනුයේ ස්වේච්ඡාවෙන් ද? යන්න පිළිබඳව මහේස්ත්‍රාත් නිලමැදිරියේදී විමසීම් කර ඇත.
මෙම කරුණු විමසීම් මහේස්ත්‍රාත්වරයා සහ සැකකරු අතර පමණක් සිදු වූ අතර දෙපාර්ශවයේ නීතිඥවරුන් නිලමැදිරියෙන් බැහැර කළේය.
You may like this video