මග බලන් නේද හිටියේ.. ඔන්න රජය ආනයනය කල පළමු සහල් තොගය අද දිවයිනට..

By Piyumika Dec 16, 2024 03:07 AM GMT
Report

රජය විසින් ආනයනය කරන පළමු සහල් තොගය අද (16) දිවයිනට පැමිණීමට නියමිතයි. එහි සහල් ට්‍රික් ටොන් 5,200ක් පවතිනවා.

මව ඝාතනය කර පුතාත් සියදිවි නසාගනී..

මව ඝාතනය කර පුතාත් සියදිවි නසාගනී..

එමෙන්ම, රජය විසින් සහල් ආනයනය සඳහා අවසර ලබාදීමත් සමග මේවනවිට පෞද්ගලික අංශය විසින් මෙරටට ආනයනික සහල් මෙට්‍රික් ටොන් 4800ක් ගෙන්වා ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව, මෙම සහල් තොගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂා කිරීමෙන් අනතුරුව වෙළඳපොළට මුදාහැර තිබෙනවා.

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි..

ප්‍රවීණ සංගීතඥයකු අභාවප්‍රාප්ත වෙයි..

කෙසේ වෙතත්, පෞද්ගලික ආනයනකරුවන් විසින් ගෙන්වූ සහල් කිලෝග්‍රෑම් 75,000ක ප්‍රමාණයක ගුල්ලන් සිටීම, සහල් උරවල නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වීමේ දිනය සහ නිෂ්පාදන සමාගමේ විස්තර විකෘති කිරීම යන හේතුමත අදාළ බහාලුම් නිදහස් නොකිරීමටයි රේගුව පියවර ගෙන ඇත්තේ.

එම සහල් තොගය ප්‍රතිඅපනයනය කරන ලෙස රේගු දෙපාර්තමේන්තුව අදාළ ආනයනකරුවන් වෙත දැනුම්දී තිබෙනවා.

You may like this video