විවාහ ගිවිසගෙන මාස තුනකට පසු සිදූ වූ ඛේදවාචකය

Report

පාසල් ප්‍රේමයෙන් ආරම්භ වූ ආදර කතාවක් මාස තුනකට පසු යතුරුපැදි අනතුරකින් අවසන් වූ දුක්බර සිදුවීමක් දඹුල්ල යාපාගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ දඹුල්ල යාපාගම පදිංචි ඩිලන්ත පූර්ණ (22) නම් තරුණයා සහ ඔහු විවාහ ගිවිසගෙන සිටි නවෝද්‍යා සෙනවිරත්න (22) නම් තරුණියයි.

දෙදෙනාම පාසල් කාලයේ සිට ආදරය කරමින් සිටි අතර, දෙමාපියන්ගේ අනුමැතිය මත විවාහ ගිවිසගෙන මාස තුනක් ගත වී තිබිණි.

විවාහයෙන් පසු ගම්පහ  ප්‍රදේශයේ ආහාර සැපයුම් ආයතනයක රැකියාවක් කරමින් එම ප්‍රදේශයේම කුලී නිවාසයක නැවතී සිටියහ.

ලයිසන් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්

ලයිසන් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්

නිවාඩුවට යතුරුපැදියෙන් දඹුල්ලේ දෙමව්පියන්ගේ නිවසට පැමිණෙමින් සිටියදී, නුවර–කොළඹ ප්‍රධාන මාර්ගයේ වතුපිටිය ප්‍රදේශයේදී බස් රථයක ගැටීමෙන් සිදු වූ බරපතල අනතුරකින් දෙදෙනාම මිය ගොස් ඇත.

යුවළගේ අවසන් කටයුතු අද (24) පස්වරුවේ යාපාගම පොදු සුසාන භූමියේදී විශාල ජනතාවගේ සෝ සුසුම් මැද සිදු කෙරිණි.

මෙම ඛේදවාචකය හමුවේ ගම්වාසීන් බොහෝ දෙනෙකු දැඩි කම්පනයට පත්ව ඇති අතර, තරුණයින් යතුරුපැදි ධාවනයේදී ජීවිත ආරක්ෂාවට වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔවුන් අවධාරණය කරති.

සෙනුරි මියගියේ මිනුවන්ගොඩ රෝහලේ නොසැලකිල්ලෙන්ද ?

සෙනුරි මියගියේ මිනුවන්ගොඩ රෝහලේ නොසැලකිල්ලෙන්ද ?