ලයිසන් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්

Report

රියදුරු බලපත්‍ර ලක්ෂ 4 ක් මුද්‍රණය අවසන් කර තැපෑලට යොමු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

එහි කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ තවත් රියදුරු බලපත්‍ර ලක්ෂයක තොගයක් මුද්‍රණය කිරීමට පවතින බවයි .

එතුමා ප්‍රකාශ කළේ ඒ අනුව වේරහැර, අනුරාධපුර හා මාතර දිස්ත්‍රික් කාර්යාලවලින් ද රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පහසුකම් සලසා ඇති බවත්, මේ වන විටත් ලැබී ඇති අයදුම්පත් සඳහා ද රියදුරු බලපත්‍ර ලබා දීමට කටයුතු කරන බවයි .

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

මෙරටට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට අවශ්‍ය කාඩ්පත් ලක්ෂ 8 ක් මෙරටට ආනයනය කර ඇත.

 ඒ වගේම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සඳහන් කළේ තවත් කාඩ්පත් ලක්ෂ 10 ක් පමණ ආනයනයට ටෙන්ඩර් විවෘත කර ඇති බවයි .

මේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක්, වාහන ගමනාගමනයට බාධා

මේ දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියාවක්, වාහන ගමනාගමනයට බාධා