පාසල් දැරියගේ ඇස් රතු වූ විහිළුව...ජීවිතයෙන් වන්දි ගෙවයි

Report

දිය­බෙ­දුම පොලී­සිය පාසල් සිසු­වි­යක් විෂ සහිත ගෙඩි වර්ග­යක් කෑමෙන් මිය­ගොස් ඇති බව වාර්තා කරයි.

පෙම්වතා කතා නොකි­රීම නිසා ඇති වූ සිත් වේද­නා­ව මත මෙසේ විෂ ගෙඩි ආහාරයට ගෙන ඇති බව සඳහන්.

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව මිය­ගොස් ඇත්තේ දිය­බෙ­දුම කටු­කැ­ලි­යාව ගම්මා­නයේ පදිංචි වයස අවුරුදු 17 ක තරු­ණි­යක්.

ගිරි­තලේ ප්‍රදේ­ශයේ විදු­හ­ලක උසස් පෙළ විභා­ග­යට ඉගෙ­නුම ලැබූ ඇය පොලො­න්න­රුව සුංගා­විල ප්‍රදේ­ශයේ තරු­ණ­යකු සමඟ සම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන ගොස් ඇති බවට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව ටික දිනක සිට තරු­ණයා කතා නොකිරීම හේතුවෙන් සිත් තැවු­ලට පත් වූ ඇය සිය ආච්චිගේ නිවසේදී මෙසේ විෂ සහිත ගෙඩි වර්ග­යක් කා ඇති බව සඳහන්.

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

මරණ පරී­ක්ෂ­ණයේ දි හෙළිව ඇත්තේ ඇය මෙසේ කළේ අඳාළ තරු­ණයා බිය ගැන්වී­මට මිස ජීවිත හානියකට නොවන බව මිය යෑමට පෙර ආච්චිට පවසා ඇති බවයි.

කෙසේ වුවද විෂ ගෙඩි කෑමෙන් රෝගා­තුර වූ ඇය පොළොන්නරුව රෝහලේ ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

ඒ අනුව ඇයගේ මරණ පරී­ක්ෂ­ණය එම රෝහලේ දීම සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ දිය­බෙ­දුම පොලී­සිය විසින් පවත්වන බව සඳහන්.

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න

හෙට සිට දින 4ක් වැසෙන පාසල් මෙන්න