දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්
මෙවර පොසොන් සමය තුළ විශාල වැඩපිළිවෙළක් අනුරාධපුරයේදී සූදානම් කර තිබෙන බව වාර්තා වේ.
ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ප්‍රකාශ කළේ දන්සැල් 600කට අධික සංඛ්‍යාවක් තිබෙන බවයි.
ඒ සඳහා අවශ්‍ය කරන පානීය ජලය සියල්ල ප්‍රමාණවත් පරිදි සූදානම් කර ඇති බවද ඔහු පවසයි.
එමෙන්ම මේ වන විට අවශ්‍ය කරන වෛද්‍ය කඳවුරු, ප්‍රථමාධාර කඳවුරු සූදානම් බව ද ඔහු ප්‍රකාශ කර ඇත.
තවද සියලුම රෝහල් පැය 24 තුළම විවෘත කර ඇති බවට දන්වා ඇත.
ජුනි 9,10,11 යන දිනවලදී අනුරාධපුර දුම්රිය ස්ථානයේ සිට මිහින්තලය දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහන සේවා නොමිලේ බව ද සඳහන් වේ.
කෙසේ වුවද ලේකම්වරයා විසින් යම් ගැටලුවක් ඇතිනම් 025-3707955, 025-3700371 යන දුරකතන අංක වෙත දන්වන ලෙසට ජනතාව දැනුවත් කර තිබෙනවා.