ළමයින්ව පරිස්සම් කර ගන්න...පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කරලා...අසභ්‍ය වීඩියෝ සමාජ මාධ්‍යටත් දාලා

Sexual harassment Law and Order Latest Headlines School Children Sinhala news
By Kaushi Jun 09, 2025 05:29 AM GMT
Kaushi

Kaushi

Report

පොළොන්නරුව අපරාධ කොට්ඨාස විමර්ශන අංශය මඟින් පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතරවර කළ පුද්ගයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පවසයි.

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

ආයෙත් ලොක්ඩවුන් වැටෙයිද ?

අඳාළ සැකකරු විසින් ඉතා සූක්‍ෂම ලෙස පාසල් සිසුන් ත්‍රිරෝද රථවලින් රැගෙන ගොස් අපයෝජනය කරන ලද බව වාර්තා වේ.

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

දන්සල් පවත්වන්නන්ට විශේෂ දැනුම් දීමක්

ඒ අනුව ඔහුව ඉකුත් 7 වන දින පන්නල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

වැලිකන්ද, මනම්පිටිය, මහවැව ගම්මානයේ වයස අවුරුදු අටක පාසල් දරුවකු පහුගිය මැයි 13 පැහැරගෙන ගොස් ඇත.

කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් මවුපියන් මඟින් පොළොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අඳාළ සැකකරු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බවයි.

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

මේ ගැන දන්නවා නම්...ආයේ කටු අනෝදා කනවා නෙවෙයි...

අඳාළ සැකකරු වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වයස අවුරුදු 43ක එක්දරු පියෙක් බවද පොලිසිය ප්‍රකාශ කරයි.

එමෙන්ම මෙහිදී සැකකරු සතුව තිබූ ජංගම දුරකථනයේ ඔහු විසින් youtube ගිණුමක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි අසභ්‍ය වීඩියෝ රැසක් තිබෙන බවටද තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසා ඇත.

පොලිස් මූලික විමර්ශනවලින් හෙළිව ඇත්තේ පාසල ඇරි බස් නැවතුම්පොළේ සිටියදී සැකකරු පාසල් දරුවා පැහැරගෙන ගොස් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කර ඇති බවයි. 

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ජම්පරේ අඳින්න වෙයි කියලා බයේ, හිටපු ලොක්කෝ ගොඩක් සොක්කෝ වෙලා... ඉන්දියාවට ගිහිල්ලත් පුජා තියලා

ReeCha