දිවයින පුරා පාසල් සිසුන්ට සුබම සුබ ආරංචියක් මෙන්න - සහන මිලට ලබා ගත හැකි දෙයක් ගැන දැනුම්දීමක්..
අද (13) පාර්ලිමේන්තුවේ දී මුලසුන අවසර ඇතිව ප්‍රකාශයක් සිදු කරමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අභ්‍යාස පොත් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ප්‍රකාශ කර සිටියා.
ඒ අනුව එම මහතා ප්‍රකාශ කර සිටියේ පාසල් සිසුන්ට අභ්‍යාස පොත් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් සහන මිලට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.
ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ට එම අභ්‍යාස පොත් වල ඇනවුම් ඉදිරිපත් කළ හැකි බවයි.