පාසල් විෂය නිර්දේශයේ වුණ අලුත්ම වෙනස මොකක් ද කියලා දන්නවා ද?. මේ ඒ ගැනයි.. (VIDEO)
පාසල් විෂය නිර්දේශයට මූලික නීති සිද්ධාන්ත ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් සඳහන් කළේ ය.
ඒ කොළඹ පැවති වැඩසටහනක දී අදහස් දක්වමින් ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළේ සුළු වැරදි සම්බන්ධයෙන් පවතින දඬුවම් සඳහා නිසි ප්‍රමිතියක් සැකසීමට ද පියවර ගනිමින් සිටින බවයි.

වීඩියෝ දර්ශන - Hiru News
මේ අතර, ලබන වසරේ සිට 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවතින තත්ත්වයට වඩා සරල කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ ය.
එමෙන්ම අමාත්‍යවරයා කියා සිටියේ, විභාගවලින් ලකුණු ලබා ගන්නා ආකාරය අනුව සිසුන් ඇගයීම ඉදිරියේ දී සිදු නොකරන බවයි.
වැඩිදුරටත් විස්තර පහතින්,