ආණ්ඩුවේ හිලක් තියෙනවා ඒක හොයලා වහගන්න අපිට චණ්ඩිකම් දාගෙන එන්න එපා

Report

අද දින (23) රැස් වූ පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මේ ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව පිලිබද තම අදහස් ඉදිරිපත් කර ඇත.

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

ආරක්ෂක ඇමතිගෙන් ඇග හිරි වැටෙන ප්‍රකාශයක් - දකුණේ දේශපාලකයන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

"ලුණු දියවෙලා යනවා වගේ ප්‍රශ්ණ දියවෙලා යයිලු.එහෙම දියවෙන්නෑ.මේ විදුලි බලය සම්බන්ධව ඇමතිතුමා කිව්වා, සමාගම් 12 හරි 15ක් හරි අපිනේ හැදුවේ.ඒ නිසානේ කාන්චන මාතරෙන් පැරදිලා පෝලරාජ් දින්නේ.දැන් එතකොට සමාගම් 12 කතාව වැඩක් නෑ. මාතර ජාතික ජන බලවේගය විශ්වාස කරලනේ දුන්නේ.ඕගොල්ලො මේක තියන්න ඕනේ තිබ්බ තත්ත්වේ තියන්න.නාමල් රාජපක්ෂ වත් සජිත්වත් අපිවත් විදුලි බල මණ්ඩලේ උද්ඝෝෂණ වලට සම්බන්ධ වුණේ නෑනේ.

අපි නෙමේ ඔයාලයි ඇදගෙන නාන්නේ.ඔයගොල්ලො ගෙනල්ලා දාපු ප්‍රශ්ණයක් මේක.මේක අපිට විග්‍රහ කරලා වැඩක් නෑ.අපි හෙට විදුලි බල මණ්ඩලේ වැඩට යනවද? නෑ මේවා ඔයාලයි යූනියනුයි ජනාධිපතිතුමයි සාකච්චා කරලා විසදගන්නකෝ.විපක්ෂයේ ඉන්න අපිට ඇයි කියන්නේ.කලින් ආණ්ඩුවල විදුලි බල මණ්ඩලයේ සේවය කරන 6000ක් ස්ථිර කරා. මම වගකීමෙන් කියන්නේ වෘත්තීය සමිති නායකයෝ 5000 10000 ගාණෙ එකතු කරලා රන්ජන් ජයලාල්ලා ගත්තා. සේවකයෙක්ගෙන් සල්ලි අරන් සටනෙන් ඉවත් වුණා. මේවා අපිට වැඩක් නෑ. ප්‍රශ්න විසදගන්න.

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

කව්රුත් නොදෙන මහින්ද රාජපක්ෂගේ වත්කම් ටික මෙන්න..

අපිට චන්ඩිකම් පෙන්නන්න එපා.ආණ්ඩුවේ මහත්තුරුන්ට කියන්නේ මේ දේවල් හැදුවේ ඇවිස්සුවේ අපි නෙමෙයි ඔයාලා.විපක්ශෙ අපි කීයද ඉන්නෙ? ජනතාවනෙ 159ක් පාර්ලිමේන්තු එව්වේ අපිව බිත්තියට හේත්තු කරලා.ඔයාලා විපක්ෂයේ ඉද්දි හොදට ඕවට ඇහුම්කන් දුන්නා.එයාලගෙන් ගොඩ කරලා ජන්දේ අරන් දැන් අපේ පිට දාන්න එපා. ඔයාලා අපි එක්ක රණ්ඩු වෙලා උත්තර දෙන්න එපා." ලෙසයි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න