ආණ්ඩුවේ පිරිස් කරන තර්ජන ගැන රාසමාණික්කම්ගෙන් හෙළිදරව්වක්, මෙයාලා ඇත්තටම මෙහෙමද ?

Report

බලයට පත් වී වසරක් ගතවන තැන ආණ්ඩුව විවිධ තර්ජන සහ බොරු පවසමින් ඉදිරියට ආ ආකාරය පිළිබඳව මන්ත්‍රි රාසමාණික්කම් අද දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කළේය.

ඔහු සඳහන් කරන ආකාරයට මේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජාතික ජන බලවේගය ලෙස හැදින්නුවත් මේ වන විට ජාතික පච බලවේගය වී ඇති බවත් වර්තමානය වන විට එය ජාතික ධන බලවේගය බවට පත්වී ඇති බවටත් ඔහු ප්‍රකාශ කරයි.

ඒ වගේම ඔවුන්ගේ වත්කම් පිළිබඳ අවධානය යොමු කරද්දී ඒ වගේම මාධ්‍ය සාකච්ඡාවලට ගොස් ඔවුන් පවසන අදහස් දකිද්දි ජනතාවට මේ දේවල් ඇත්තටම ප්‍රශ්නයක් වී ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

ඒ වගේම ආණ්ඩුවේ සමහරක් පිරිස් සිදු කරන විවිධ තර්ජන පිළිබඳවද ඔහු ප්‍රකාශ කළේ මේ ආකාරයෙන්,

"ඉන්න මන්ත්‍රී අරුන් හේමචන්ද්‍රට විරුද්ධව දාලා තියෙනවා පැමිණිල්ලක් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුට තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්.නුසුදුසු ආකාරයෙන් කතාකරලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක්.පොලිසියට කියනවා වහාම මෙයට පරීක්ෂණයක් අරඹන්න කියලා"

ඒ වගේ මඩකලපුව පොලිසියේ ජාතික ජන බලවේගයේ සංවිධායකයෙක්ට විරුද්ධවත් තර්ජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් දමා ඇතත් ඔහු ජාතික ජන බලවේගය සංවිධායකවරයෙක් නිසා පොලිසියට කැඳවීම නොකරන බවත් ඔහු පවසමින් යන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

සියලු දෙනාට සමාන නීතිය මේ ආකාරයෙන් අව භාවිතා කරමින් විවිධ තර්ජන සිදුකිරීම සම්බන්ධයෙන් අද දිනයේදී ඔහු මේ ලෙස පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න