ලොක්කෙක්ට එරෙහි පෙත්සමක් ඉල්ලා අස් කරගනියි

Report

 අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ නිර්දේශය හා එම පත්වීම බලරහිත බවට තීන්දුවක් ලබා දෙන ඉල්ලා  ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් යොමු කෙරුණි.

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

මෙන්න අලුත්ම නීතිය - රියදුරන්ට විශේෂ පරීක්ෂාවක් දැන්ම දැනුවත් වෙන්න

එම පෙත්අසම ද (23) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස් කරගැනුණි. මෙම පෙත්සම උඩවලව  සෝම විහාරයේ විහාරාධිපති වේවැල්දූව ඥානප්‍රභා ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිසක් විසින්  ගොනු කර තිබුණි.

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

ඔන්න රජයෙන් වැඩක් කරගන්න එහෙ මෙහෙ දුවන්න ඕනේ නෑ රජයෙන්ම දෙන සුපිරි ඇප් එක මෙන්න

මෙම පෙත්සම අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

රුපියල් දාහේ කොළ එක්ක ගණුදෙනු කරන්නේ පරිස්සමින් - මෙන්න හේතුව

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මෙම පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙසය. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව එය නිශ්ප්‍රභ කිරීමටද කටයුතු කළේය.