"මාලිමා ඇමතිව ධුරයෙන් නෙරපනවද? කුමාර ජයකොඩිගේ නඩුවට මොකද වෙන්නේ ? අදිසි හස්තයක් මෙහෙයවන්නේ" සූගීෂ්වර බණ්ඩාර
නව ජනතා පෙරමුණ මහරගම පක්ෂ මුලස්ථානයේ පැවැති මාධ්‍ය හමුව සඳහා පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා හා දෙහිවල ආසන සම සංවිධායක අජන්ත ද සිල්වා මහතා හා මධ්‍යම කාරක සභික හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී විකුම් කිත්සිරි මහතා හා කොළඹ දිසා නායක නාගරික මන්ත්‍රී දිනේෂ් අබේකෝන් මහතා සහභාගි විය.
එහිදි අදහස් දැක් වු පක්ෂ නායක සූගීෂ්වර බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ චේතිය රාජ්‍යයට වසරක් පිරුණු මුත් ජනතාවට කිසිදු සුගතියක් උදා වී නොමැති බවය.
මීට වසරකට පමණ පෙර අද වගේ දිනයක අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සිය තනතුරේ වැඩ බාර ගන්නේ. අද චේතිය රාජ්‍යයට වසරක් පිරෙනවා ඒ කියන්නේ පච පතිට වසරයි. මේ අවුරුද්ද පුරාවට වෛරය පලිගැනීම හා හාස්‍යය තමා සමාජ ගත කරලා තියෙන්නේ. ඉන් එහා කිසි දෙයක් සිදු වී නැහැ. මේ වසර දෙවන චේතිය රජුගේ ධුරකාලයයි.
මේ වසර පුරාවට දුන් පොරොන්දු 1329 න් එකක් පමණක් ඉෂ්ඨ කර ඇත. 76 වසරකට පසුව ජනතාව වැඩියෙන්ම රවට්ටපු වසර මෙයයි. විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත සංශෝධනය කරලා ඔවුන්ගේ හිමිකම් අහෝසි කරා . එය සිදු කලෙත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන්ට රිදවීමේ චේතනාවෙන් . ඒ තුලින් මේ රටේ ආර්ථිකයට වෙච්ච හොදක් නම් නෑ .
රු. 4.50 කින් තමයි ප්‍රතිලාභය හිමිවන්නේ. මේ වසර පුරාවට බෙදුම්වාදය උපරිමයෙන්ම ශක්තිමත් වුනා. විශේෂයෙන්ම අධි ආරක්ෂිත කලාප වල තිබුන හමුදා බාධක ඉවත් කලා,වවුනියාව ගුවන් හමුදා කදවුර භූමිය නිදහස් කරන්න කටයුතු සුදානම් කලා. එමෙන්ම උතුරේ අධි ආරක්ෂිත කලාප වල තිබුන හමුදා කදවුර ඉවත් කරලා එම ඉඩම් නැවත බෙදා දෙන්න සුදානම් කලා. ඒ අනුව බෙදුම්වාදයට අස්වැසිල්ලක් ලැබුන අවුරුද්දක්. ඉතිහාසයේ දැවැන්තම හොරකම ලෙස කන්ටේනර් 323 ක් කිසිදු පරීක්ෂාවකින් තොරව නිදහස් කලා.
ඒ සම්බන්ධව විශාල ගැටළුවක් ඇතිවෙලා තියෙනවා. ඒ පිළිබඳව කිසිදු වගකීමක් බිමල් රත්නායක ඇමතිවරයා බාර ගන්නේ නෑ. රේගු අධ්‍යක්ෂවරයා බාරගන්නේ නෑ. අද වෙනකම් මේ පිළිබඳව පැහැදිලි විමර්ශන්යක් තවම සිදු වෙලා නෑ. ඒ වගේම චේතිය රාජ්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතර තනතුර වුන කතානායක තනතුර හෑල්ලුවට ලක් කලා.
හොර උපාධි සහතිකයක් තියෙන රන්වල මහත්තයා පත් කලා. උපාධි සහතිකය පෙන්නන්න කියපුවාම ඔහු තනතුරෙන් ඉවත් කලා. ඉන්පසු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පත්කලා කතානායක තනතුරට. වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාටද විශාල චෝදනා ප්‍රමාණයක් මේ වනවිට එල්ල වෙලා තියෙනවා. එතුමා විසින් රාජ්‍ය දේපල අවභාවිතාව හා රාජ්‍ය මුදල් අපහරණය සම්බන්ධව. ඒ පිළිබඳ පැමිණිලි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට, අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට යොමු කරලා තියෙනවා.
නමුත් ඒ වෙනුවෙන් කිසිදු වග විභාගයක් නෑ. ඒ වගේම කතානායකතුමන්ටද ඒ සම්බන්ධව සදාචාර සම්පන්නබාවයක් ද නෑ. මේ චේතිය රාජ්‍ය තුල කතානායකවරයාගේ ගරුත්වය හෑල්ලු කරලා තියෙන්නේ. පසුගිය අගෝස්තු 17 වනිදා මේ රටේ ප්‍රධාන මාධ්‍ය ආයතනයකින් විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මැතිතුමා 2015 වර්ෂයේ පොහොර සංස්ථාවේ සේවකයකු ලෙස කටයුතු කරන අවස්ථාවේ දී රජයට රුපියල් මිලියන 8 ක මුදලක් ටෙන්ඩර් වංචාවක් හරහා පාඩු කිරීම සම්බන්ධව ඔහුට නඩු පවරන්න නියමිත බවට රටට කරුණු හෙලි කලා. ඒ සම්බන්ධව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ වැරැද්දක් සිදු කර ඇති නම් ඔහු කවුරු වුනත් තරාතිරම නොබලා දඩුවම් කරන බවය.
නමුත්මේ වනවිට මාසයක් ගතවෙලා තියෙනවා. අපිට ලැබී තියෙන තොරතුරු අනුව නම් විදුලි බල ඇමතිතුමා 2015 වර්ෂයේ සිදු කල ටෙන්ඩර් වංචාවට අදාලව සියලු පරීක්ෂණ කටයුතු සිදු කර අවසන්. ඒ ලිපි ගොනුව අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාවේ නිළධාරින් තිදෙනාම අත්සන් කරලා තියෙනවා. අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක ජනරාල් වරයාත් අත්සන් කරලා තියෙනවා. නමුත් මේ වෙනකන් ඔහුට නඩු පවරලා නෑ. රංග දිසානායක මහත්මයා කීර්තිමත් මහාධිකරණ විනිසුරුවරයෙක්. ඔහු අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා විදිහට කීර්තිමත්ව කාර්යක්ෂමව කටයුතු කලා . ඔහු රාජ්‍ය සේවකයින්ට ආදර්ශමත් ලෙස දේශණ පැවැත්වුවා.
නමුත් කුමාර ජයකොඩිට නඩු පවරණ මේ අවස්ථාවේ දී රංග දිසානායක අධ්‍යක්ෂජනරාල්වරයා අසරණ වෙලා තියෙනවා. ඒ නිසා අපි රංග දිසානායක මහත්තයාගෙන් අහන්න කැමති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට මේ සම්බන්ධව නඩු පවරනවාද නැද්ද යන්න රටට හෙළි කරන්න. අපට ලැබී තියෙන තොරතුරු අනුව නම් කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීම වැලැක්වීම සම්බන්ධව රංග දිසානායක මහත්තයාව කිසියම් අදෘශමාන හස්තයකින් හසුරුවන බවය. කුමාර ජයකොඩි මහත්මයා සම්බන්ධ ලිපි ගොනුව බහා තබන්න නඩු පවරන එක වලක්වන්න කියලා. ඒ නිසා රංග දිසානායක මැතිතුමනි ,දැන් මාසයක් ගතවෙලත් ඔබතුමන්ගේ මේසය මත එම ලිපි ගොනුව දුවිලි වදිමින් තියාගන්න අවශ්‍ය නෑ. කරුණාකාරලා නඩු පවරලා ඔබතුමාගේ අපක්ෂපාත්තවය, සුජාතබාවය රටට ඔප්පු කරන්න කියලා අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.