වත්කම් බැරකම් නොදුන්නු ආණ්ඩුවේ ලොක්කන්ගේ ලිස්ට් එක මෙන්න කරන්න යන දේ ගැන අල්ලස් කොමිසමෙන් තීරණයක්
වත්කම් - බැරකම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් පළ වූ බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම වෙත විවිධ පැමිණිලි ලැබෙන බවත් කොමිසමේ ඉහළ නිලධාරියකු ප්‍රකාශ කළේය.
ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන බවත් එම නිලධාරියා කීවේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි බව ද කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර තිබෙන බව ද ප්‍රකාශ කළේය.
2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙනස් කිරීමට ඉඩක් ලබාදී තිබේ. දැනට ලැබෙන ඉල්ලීම් සලකා අවශ්‍ය පියවර ගැනීමේ බලය කොමිසමට ඇතැයි ද කීවේය.
මේ වන විට වත්කම් බැරකම් ලබාදීමේ අවසන් දින අවසන් නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩග්ලස් දේවානන්ද, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, පිල්ලෙයාන්, සුරේශ් රාඝ- වන්, රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් වත්කම් බැර- කම් ලබාදී නැත. මීට අමතරව හිටපු ආණ්ඩුකාරවරු, හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු තානාපතිවරු, විදෙස් සේවයේ හිටපු ඉහළ නිලධාරීන් සහ විනිශ්චයකාරවරු ඇතුළු පිරිසක් ද සිටින බව සඳහන්ය.
ඔවුන් ප්‍රමාද වීමට හේතු සහිතව එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද කොමිසම වැඩිදුරටත් කීවේය. වත්කම් - බැරකම් ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් පසුගිය දිනවල ආන්දෝලනාත්මක පුවත් පළ වූ බවත් ඒ සම්බන්ධයෙන් කොමිසම වෙත විවිධ පැමිණිලි ලැබෙන බවත් කොමිසමේ ඉහළ නිලධා- රියකු ප්‍රකාශ කළේය. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කරන බවත් එම නිලධාරියා කීවේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට වත්කම් බැරකම් ප්‍රකාශ සංශෝධනය කිරීමේ ඉල්ලීම් වෙනත් වසරවලට සාපේක්ෂව වැඩි බව ද කී එම නිලධාරියා ඒ සම්බන්ධයෙන් විශේෂ අවධා- නයක් යොමුකර තිබෙන බව ද ප්‍රකාශ කළේය.
2023 අංක 9 දරන දූෂණ විරෝධි පනතේ වත්කම් බැරකම් ප්‍රකාශ වෙනස් කිරීමට ඉඩක් ලබාදී තිබේ. දැනට ලැබෙන ඉල්ලීම් සලකා අවශ්‍ය පියවර ගැනීමේ බලය කොමිසමට ඇතැයි ද කීවේය.
මේ වන විට වත්කම් බැරකම් ලබාදීමේ අවසන් දින අවසන් නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඩග්ලස් දේවානන්ද, තාරක බාලසූරිය, ශාන්ත බණ්ඩාර, කාදර් මස්තාන්, පිල්ලෙයාන්, සුරේශ් රාඝ- වන්, රොෂාන් ගුණතිලක, සෙන්තිල් තොණ්ඩමන්, නවීන් දිසානායක ඇතුළු පිරිසක් වත්කම් බැර- කම් ලබාදී නැත. මීට අමතරව හිටපු ආණ්ඩුකාරවරු, හිටපු රාජ්‍ය අමාත්‍යවරු, හිටපු තානාපතිවරු, විදෙස් සේවයේ හිටපු ඉහළ නිලධාරීන් සහ විනිශ්චයකාරවරු ඇතුළු පිරිසක් ද සිටින බව සඳහන්ය. ඔවුන් ප්‍රමාද වීමට හේතු සහිතව එම ප්‍රකාශ ලබා නොදෙන්නේ නම්, ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව ද කොමිසම වැඩිදුරටත් කීවේය.