රුසියාව සහ ඉරානය ලෝකයටම ලොකු තර්ජනයක් - යුක්රේනයේ විදේශ අමාත්‍ය

Report

යුක්රේනයේ විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා රුසියාව සහ ඉරානය එක්ව ක්‍රියාත්මක වෙමින් යුරෝපය, ඇමරිකාව සහ ගල්ෆ් කලාපය සම්බන්ධ පොදු තර්ජන එල්ල කරමින් සිටින බව පවසයි.

ඉරානය තුළ පවතින යුද්ධ වාතාවරණය හමුවේ රුසියාවට එල්ල වන පීඩනය තීව්‍ර කරන ලෙස ඔහු තම මිත්‍ර රටවලින් ඉල්ලා සිටියි.

විදේශ අමාත්‍යවරයා මේ බව X (ට්විටර්) පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇති අතර, අල්ජසිරා පුවත් සේවාවද මෙම පුවත වාර්තා කර ඇත.

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

ඔහු සඳහන් කළේ, ඉරානයට එරෙහි යුද්ධය සහ රුසියානු ආක්‍රමණයට යුක්රේනය සිදුකරන ආරක්ෂක සටන "එකම යුද්ධයක රංගභූමි දෙකක්" බවයි.

විදේශ අමාත්‍යවරයාගේ ට්විටර් පණිවිඩය අනුව,

“යුක්රේනයට සහ ගල්ෆ් කලාපයට එරෙහිව භාවිත කරන ඉරානයේ නිෂ්පාදිත ‘ෂාහෙඩ්’ (Shahed) ඩ්‍රෝන යානාවල මාරාන්තික හඬ අපට මතක් කර දෙන්නේ යුරෝපය සහ මැදපෙරදිග සිදුවීම් එකිනෙකට වෙන් කළ නොහැකි බවයි”

යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම, යුක්රේනයේ සහ ගල්ෆ් කලාපයේ පවතින පොදු තර්ජනවලට එරෙහි දැඩි පියවර ගැනීමට යුක්රේනයේ හවුල්කාර රටවලින් අවශ්‍ය සහය ලබාගැනීමට ඔහු ඉල්ලීම් කර ඇති අතර, මොස්කව් සහ ටෙහෙරාන් පාලනයන් දෙකම වටහා ගන්නේ “ශක්තියේ භාෂාව” පමණක් බවද ඔහු අවධාරණය කර ඇත.

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා විභාගයට

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දු ඉදිරිපත් කළ අභියාචනා විභාගයට