තෙල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් විශේෂ ප්‍රකාශයක් - ඉදිරියට තෙල් මිලට වෙන දේත් කියයි

Report

තෙල් මිල ඉහළයාම අමෙරිකාව තුළ උද්ධමනය ඉහළයාමට හේතුවිය හැකි වේ. ඒ අනුව එය නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු මැදිකාලීන මැතිවරණයේදී ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක වන බව පැහැදිලි කරුණක් වනු ඇත.

එමෙන්ම මේ නිසා යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළයාම තාවකාලික තත්ත්වයක් ලෙස හඳුන්වන්න ජනපති ට්‍රම්ප් ඒ පිළිබඳව සමාජ මාධ්‍ය සටහනක් පළකරමින් සඳහන් කරේ,

'තෙල් මිල ඉහළයාම කෙටිකාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන්වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටේවි. සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකාවට සහ ලෝකයට සිදුකිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණයි. ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණයි'

යනුවෙනි. එමෙන්ම මේ වන විට ඉරානයට එරෙහි යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය හේතු දැක්වීම විටින්විට වෙනස් කරන ජනපති ට්‍රම්ප් දැන් නැවතත් ඉරානයේ න්‍යෂ්ටික තර්ජනයක් ගැන කතා කරන්න පටන්ගෙන තිබේ.

වහාම ලෝක බලවතුන් රැස්වෙයි - G7 එක්වී තීරණාත්මක සාකච්චාවක්

වහාම ලෝක බලවතුන් රැස්වෙයි - G7 එක්වී තීරණාත්මක සාකච්චාවක්

ජනපති ට්‍රම්ප් වරෙක ඉරානය සතු 60%ක ප්‍රමාණයට පිරිපහදු කළ යුරේනියම් න්‍යෂ්ටික ඉන්ධන තොගය අත්පත් කරගැනීම සඳහා විශේෂ හමුදා බලකායක් යෙදවීම පිළිබඳව සලකා බලන බවත් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම නවතම ජනමත සමීක්ෂණවලින් පෙනීගොස් ඇති කරුණක් ලෙස 2024 ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඡන්දය ප්‍රකාශ කළ අමෙරිකානුවන් පවා ඉරානයට එරෙහි ගුවන් ප්‍රහාර අනුමත කළත් , ගොඩබිම් හමුදා යෙදවීම අනුමත නොකරන බව සඳහන්.

පාසලක දරුණු අනතුරක් - වතුර ටැංකියක් කඩා වැටි සිසුන් 5ක් රෝහලේ

පාසලක දරුණු අනතුරක් - වතුර ටැංකියක් කඩා වැටි සිසුන් 5ක් රෝහලේ