අද උදෑසන 10 වෙනකම් එලියට යන්නේ බලාගෙන - තද සුළං ගැන රතු නිවේදනයක්

Department of Meteorology Weather Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 22, 2025 12:12 AM GMT
Hashini

Hashini

Report

දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 28 ක් ආශ්‍රිතව විටින් විට පැයට කිලෝමීටර් 55 ත් 60ත් අතර තද සුළං ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම නිවේදනය අද (22 වැනිදා) පෙරවරු 10.00 තෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු,උතුරු මැද, වයඹ, මධ්‍යම, දකුණු, සබරගමුව යන පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට තද සුළං ඇතිවන බවයි.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර තද සුළං ඇතිවේ.

තද සුළං තත්ත්වයත් සමග වහලවල ඇති තහඩු උළු ආදිය ගැලවී යාහැකි බවත්,විදුලි සහ දුරකථන රැහැන් වලට හානි සිදුවිය හැකි බවත්,වරාය ආශ්‍රිත නවතා/රඳවා ඇති යාත්‍රා අංගණ වලට හානි විය හැකි බවත්,වෙරළාසන්න පහත් ගොඩබිම් ප්‍රදේශ මුහුදු ජලයෙන් යටවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනු ලබනවා.

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

විදුලි බල මණ්ඩලය අද ලෙඩ නිවාඩු

 

ReeCha