රනිල්ගේ පහනින් එළිය බලන අනුර ජනපති, ඔක්කොම බොරු බයිලා

Report

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු 22න් මාස 09ක් ගතවන විටත් ඉටුකර ඇති පොරොන්දුවත් එවකට ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ විසින් ඉටු කිරීමට අවශ්‍ය සියලු ප්‍රතිපාදන සූදානම් කර තිබූ පොරොන්දුවක් බව ප්‍රකාශ කරයි.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (ජූලි 14) දින පැවති මාධ්‍ය හමුවේදීයි.

එම හමුවේදී තවදුරටත් අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ,

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

" 'වෙරිටේ රිසර්ච්’ කියන ස්වාධීන සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයක ප්‍රතිඵලය සම්බන්ධයෙන් අද දිනයේ පුවත්පත්වල සහ විවිධ වෙබ්වල වාර්තාවක් පළවී තිබෙනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ජනාධිපති වීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දු 22න් මේ වන තෙක් ඉටුකර තිබෙන්නේ එක පොරොන්දුවක් පමණයි කියලා. ඒ උපයන විට ගෙවීමේ බද්ද අඩුකරන බවට දෙන ලද පොරොන්දුවයි. නමුත් ඒ ගැන සොයා බලද්දි අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඒ පොරොන්දුව ලබා දෙන්නට ප්‍රථම එවකට මුදල් ඇමති ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉතා ම පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

ඉදිරි අවුරුද්ද වන විට උපයන විට ගෙවීමේ බදු මුදල අඩුකිරීමට අවශ්‍ය පියවර ගන්නවා. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප්‍රතිපාදන, සැලසුම් සියල්ල සකස්කර තිබෙනවා කියලා. ඒ අනුව, බලන විට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ රටේ ජනතාවට දීපු පොරොන්දු 22න් මාස 09ක් ගතවන විටත් ඉටුකර තිබෙන පොරොන්දුවත් රනිල් වික්‍රමසිංහ ඒ වන විට සියලු ප්‍රතිපාදන සූදානම් කර තිබූ පොරොන්දුවක් පමණයි කියන කාරණය ඉතාම කණගාටුවෙන් ප්‍රකාශ කරන්න සිදුවෙනවා.” යනුවෙන්. 

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි