අද ඕටී කරන්නේ නෑ, තැපැල් සේවකයින් සේවාවලින් ඉවත් වෙයි

Report

තැපැල් සේවකයින් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා අද (15) දින මධ්‍යම රාත්‍රියේ පටන් අතිකාල සේවාවලින් ඉවත් වීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බව පවසා ඇත.

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

අද සිට රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30ක් කප‍යි

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා ඇත්තේ,

"මේ වෙද්දි තැපැල් දෙපාර්තමේන්තුවේ ඉතා බරපතළ තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. විශේෂයෙන්ම පාලන කාර්යාල සේවකයින්ගේ අතිකාල සීමා කිරීම තුළ. එක් අතකින් ඔවුන්ව දැඩි ලෙස පීඩනයකට ලක්කර ඇති අතර, අනෙක් අතට පාලන කාර්යාලවල සේවා බිඳ වැටීම තුළ මෙහෙයුම් අංශයේ සේවාවන් ශීඝ්‍ර ලෙස බිඳවැටෙනවා. ඒ නිසා අපිට මේ ගැන බරපතළ තීන්දුවක් ගන්න වෙනවා.

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල – 2025 ජූලි 15 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

ඒ තීන්දුව අපි ගන්නවා සමස්ත දිවයිනේම අතිකාල වර්ජනය කිරීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරනවා. මේ තුළින් තැපෑල බිඳ වටෙනවා කියලා තැපැල් පරිපාලනය හොඳාකාරවම දන්නවා. මොකද සේවකයින් 10ක් ඕන තැනට දැන් ඉන්නේ එක් කෙනයි. අද දවස ඇතුළත පිළිතුරක් නැත්නම් අද මධ්‍යම රාත්‍රී 12 සිට දිවයින පුරා සියලු තැපැල් කාර්යාල හා පාලන කාර්යාලවල මෙය ක්‍රියාත්මක වෙනවා." යනුවෙන්.

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්

තිරිසන් වැඩ කරන්න එපා..අවජාතක දරැවා කාගෙද? වහාම අත්අඩංගුවට ගන්න කියලා කට ගන්න හම්බුන් නෑ මදැයි පියුමිට වුණ වැඩක්