ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවෙන් මේ ප්‍රදේශයේ සියල්ල යට වේ

Report

දිට්වා (Ditwa) සුළි කුණාටුවෙන් පසුව ඇති වූ දැවැන්ත වර්ෂාපතනය හේතුවෙන් පුත්තලම නගරය සහ තදාසන්න ප්‍රදේශ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් වයි.එම්. ඉන්දික සිල්වා මහතා අද (2026 මැයි 13) ප්‍රකාශ කළේය.

අද උදෑසන සිට ඇද හැලුණු මෙම මහ වැස්ස හේතුවෙන් පුත්තලම නගරයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.

පුත්තලම මූලික රෝහල් පරිශ්‍රය ජලයෙන් යටවීම හේතුවෙන් රෝගීන් සහ කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවයට පත් වූ අතර, යුද හමුදාව සහ රෝහල් සේවකයන් එක්ව වාට්ටු තුළට ගලා ආ ජලය ඉවත් කිරීමට දැඩි උත්සාහයක නිරත විය.

පවතින කාලගුණික තත්ත්වය මත ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමයි

පවතින කාලගුණික තත්ත්වය මත ප්‍රධාන ජලාශ 16ක් තවදුරටත් වාන් දමයි

මීට අමතරව නගරයේ සියලුම පාසල් අඩි කිහිපයක් ජලයෙන් යටවීම නිසා දරුවන් සහ ගුරුවරුන් කොටු වූ අතර, වහාම ක්‍රියාත්මක වූ විදුහල්පතිවරුන් දුරකථන සහ වට්සැප් (WhatsApp) පණිවිඩ හරහා දරුවන් රැගෙන යන ලෙස දෙමාපියන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

නගරයේ පිහිටි ප්‍රධාන රාජ්‍ය ආයතන රැසක් ද ගංවතුරට හසු වී ඇති අතර, ඒ අතර පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මූලස්ථාන පොලිසිය සහ කාලගුණ විද්‍යා කාර්යාලය ද වේ.

පුත්තලම, ආණමඩුව, මහකුඹුක්කඩවල, මුන්දලම සහ වනාතවිල්ලුව යන ප්‍රදේශවල මාර්ග ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතු ද සම්පූර්ණයෙන්ම නතර වී ඇත.

කාලගුණය එන්න එන්න නරක අතට - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට - පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

කාලගුණය එන්න එන්න නරක අතට - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට - පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි

අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා ආපදා කළමනාකරණ අංශ සහ ආරක්ෂක අංශ මේ වන විටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.