කාලගුණය එන්න එන්න නරක අතට - මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට - පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
By Ashfa
අද (13) පෙරවරුවේ සිට පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති බව එහි කාර්ය භාර ඉංජිනේරු කාර්යාලය පවසයි.
පවතින වර්ෂාවත් සමග මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා මෙසේ වාන් දොරටු විවෘත කළ බව වාර්තා වේ.
එම වාන් දොරටු දෙක හරහා තත්පරයකට ඝණ අඩි 3000ක ජල ධාරාවක් මහවැලි ගඟට මුදා හරින බවද එම කාර්යාලය පවසයි.
මේ අතර ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු තිසර බණ්ඩාර සඳහන් කළේ ඉදිරියේදි වැසි තත්ත්වය වැඩි වුවහොත් ජලාශයෙන් නිකුත් කරන ජල ධාරිතාවයද ඉහළ යා හැකි බවයි. එබැවින් ජලාශයෙන් පහළ මහවැලි ගඟ භාවිතා කරන හා දෙපස පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බවට ඔහු දැනුම් දී ඇත.