ශ්‍රී ලංකාවේ අපදාවෙන් විපතට පත්වූවන්ට රුසියා ජනපතිගේ ශෝකය

Report

ශ්‍ර්‍රී ලංකාවට බලපෑ ගංවතුර ඛේදවාචකය පිළිබද රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.

රුසියා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  X පණිවිඩයක් ඔස්සේ මෙම ශෝක ප්‍රකාශය සිදුකර තිබේ.

ඒ වගේම රුසියා ජනාධිපති ව්ලැඩිම්ර් පුටින් මහතාගේ   පණිවිඩයෙහි සදහන් වෙන්නේ මෙලෙසයි .

''  ඔබේ රටට බලපෑ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් සිදු වූ බොහෝ මිනිස් ජීවිත හානි සහ විශාල විනාශය පිළිබඳව මාගේ අවංක ශෝකය පිළිගන්න.

මියගිය අයගේ පවුල්වලට සහ ආදරණීයයන්ට සිය ශෝකය සහ සහයෝගය ප්‍රකාශ කරන ලෙසත්, තුවාල ලැබූ සියලුදෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා." 

තවද මෙම දුෂ්කර කාලය තුළ රුසියාවේ සහාය තවදුරටත් තහවුරු කරන බව සදහන් කර තිබේ.

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් හදිසි මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවට එක්සත් රාජධානියෙන් හදිසි මානුෂීය ආධාර

ආපදා මරණ 410ක් දක්වා ඉහළට - තවමත් 336 දෙනෙක් අතුරුදන්

ආපදා මරණ 410ක් දක්වා ඉහළට - තවමත් 336 දෙනෙක් අතුරුදන්