ආපදා මරණ 410ක් දක්වා ඉහළට - තවමත් 336 දෙනෙක් අතුරුදන්
දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය නිසා සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය වාර්තා කරයි.
ඒ අනුව අද දින (02) උදෑසන 10ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336ක් අතුරුදන්ව ඇත.
එසේම පවුල් 407,594කට අයත් පුද්ගලයින් 1,466,615ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව සඳහන්.
එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව වාර්තා වේ.
තවද බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75ක්, කුරුණෑගලින් මරණ 52ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27ක් ලෙස වාර්තා වී තිබෙනවා.
ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28ක්, දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව ඇති බව සඳහන්.