කෙහෙළිය රඹුක්වැල්ල ගෙන්වූ තවත් ඖෂධ 170ක් ගැන විමර්ශන
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ හිඟයක් බව පෙන්වා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් ගෙන්වා තිබූ ඖෂධ වර්ග 170කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන බව රහස් පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාලන සමයේදී මෙම ඖෂධ ගෙන්වීම් සිදුව ඇති බව සඳහන් වේ.
කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති රහස් පොලිසිය, මෙම ඖෂධ ආනයනයේදී අපරාධමය චේතනාවක් තිබූ බවට සැකකර ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
2022 සැප්තැම්බර් 26දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවේ අවශ්‍ය ඖෂධ වර්ග සඳහන් නොවී තිබූ බවත්, සැබෑ ඖෂධ හිඟයක් පැවති බවට සොයාබැලීමක් නොකර කැබිනට් අනුමැතිය ලබාගත් ආකාරයත් පිළිබඳව විමර්ශනය වේ. මෙම කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් වූ රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, හරීන් ප්‍රනාන්දු සහ රොෂාන් රණසිංහ යන අයගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇත.
හිටපු අමාත්‍යවරුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව මෙම සිද්ධියේ ගැඹුරු විමර්ශන ආරම්භ වී ඇති බව වාර්තා වේ. මීට සම්බන්ධ බාල ඖෂධ ගෙන්වීම් සහ ඉමියුනොග්ලොබියුලින් වංචාව වැනි අනෙකුත් සිදුවීම්ද මෙම පරීක්ෂණවලට බලපා ඇති බව පෙනේ.