ලොව පුරා අක්‍රිය වූ ඇමසන් යථා තත්ත්වයට

Report

ඇමසන් වෙබ් සේවාවන්හි සිදුවූ විශාල දෝෂයක් හේතුවෙන් ඊයේ (20) ලොව පුරා ජනප්‍රිය වෙබ් අඩවි සහ යෙදුම් බොහෝමයක් ක්‍රියා විරහිත වූ අතර, මිලියන ගණනක පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමසන් සමාගම අද (21) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බොහෝ සේවාවන් දැනට සාමාන්‍ය ලෙස ක්‍රියාත්මක වන බවත්, තවමත් දෝෂයට ලක්ව ඇති සේවාවන් ඉක්මනින් යථා තත්වයට පත්කිරීමේ තාක්ෂණික කටයුතු සිදුකරමින් ඇති බවත්ය.

කුමාර් සංගක්කාර AI වංචා වීඩියෝ සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු අඟවයි

කුමාර් සංගක්කාර AI වංචා වීඩියෝ සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු අඟවයි

ස්නැප්චැට්, සූම්, රෙඩිට්, ප්‍රයිම් වීඩියෝ ඇතුළු දහස් ගණනක වෙබ් අඩවි සහ යෙදුම් මෙම දෝෂය හේතුවෙන් ක්‍රියා විරහිත වූ අතර, ලොයිඩ් සහ හලිපැක්ස් වැනි බැංකු සේවාද බලපෑමට ලක්ව තිබේ.

ලොව පුරා මිලියන ගණනක පාරිභෝගිකයින්ට අපහසුතාවයක් ඇති වූ අතර, ඇමසන් සමාගමට පමණක් ලැබුණු පැමිණිලි ලක්ෂ 6කට ආසන්න සංඛ්‍යාවකින් යුක්තය.

තොරතුරු තාක්ෂණ විශේෂඥයන් පවසන්නේ, ලොව පුරා වෙබ් සේවා බොහෝමයක් Amazon, Microsoft සහ Google වැනි සමාගම් කිහිපයක මත රඳා පවතින බැවින්, කුඩා දෝෂයක් පවා ලොකු බලපෑමක් ඇති කළ හැකි බවයි.

ඇමසන් සමාගම සඳහන් කරන්නේ, දෝෂයට ලක්වූ සියලුම වෙබ් සේවාවන් ඉක්මනින් යථා තත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි. 

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

රන් මිල පහළට - නව මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න

අද ඩොලරයේ අනුපාතය - මිල ගණන් මෙන්න