බන්ධනාගාර තදබදයට විසඳුම් සොයයි - ඇප ක්‍රමවේදය වෙනස් කිරීමට හා විකල්ප දඬුවම් හඳුන්වාදීමට සැලසුම්
බන්ධනාගාර තදබදය සහ සිර ඝනත්වය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග රැසක් පිළිබඳව පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබේ.
බන්ධනාගාර නිලධාරීන් වැඩි කිරීම, යටිතල පහසුකම් සංවර්ධනය, නඩු කටයුතු කඩිනම් කිරීම, ඇප ක්‍රමවේදය කාර්යක්ෂම කිරීම සහ සුළු වැරදි සඳහා විකල්ප දඬුවම් ක්‍රම හඳුන්වාදීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
CID භාරයේ සිටියදී පලායාමේ කුමන්ත්‍රණ චෝදනා එල්ලවු ‘හරක් කටා’ ඇතුළු පස්දෙනාගේ ඇප තීන්දුව අගෝස්තු 20දා
එමෙන්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් වෙළෙන්දන් සහ ඇබ්බැහි වූවන් වෙන්කර හඳුනා ගැනීම, පුනරුත්ථාපන වැඩසටහන් ශක්තිමත් කිරීම සහ චෝදනා ලැබූවන් සඳහා නිවාස අඩස්සි ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
කාන්තා රැඳවියන් සහ ඔවුන් සමඟ සිටින කුඩා දරුවන්ගේ සුබසාධනය, ඇප ගෙවීමට නොහැකිව රඳවා සිටින පුද්ගලයන් සම්බන්ධයෙන්ද කාරක සභාවේ අවධානය යොමු විය. අදාළ වාර්තාව සකස් කිරීමට පෙර බන්ධනාගාර නිලධාරීන්ගෙන් අදහස් ලබා ගැනීමට සහ බන්ධනාගාර කිහිපයක් නිරීක්ෂණය කිරීමටද කාරක සභාව තීරණය කර ඇත.