CID භාරයේ සිටියදී පලායාමේ කුමන්ත්‍රණ චෝදනා එල්ලවු ‘හරක් කටා’ ඇතුළු පස්දෙනාගේ ඇප තීන්දුව අගෝස්තු 20දා

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටියදී පලායාමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන් පස්දෙනාගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන අගෝස්තු 20 වැනිදා නිකුත් කරන බව කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

අදාළ නඩුව අද (03) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට මීට පෙර ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

පැය 24ක් තුළ ප්‍රදේශ රැසකට තද වැසි - වටවලට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක්

පැය 24ක් තුළ ප්‍රදේශ රැසකට තද වැසි - වටවලට මිලිමීටර් 200 ඉක්මවූ වර්ෂාපතනයක්

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා එම දැනුම්දීම සිදුකළ අතර, ඉන් අනතුරුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම සලකා බැලීමට අධිකරණය කටයුතු කළේය.

මේ අතර, අදාළ විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැවති චෝදනා ඉවත් කර ඇති බැවින්, දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ‘හරක් කටා’ නමැත්තා සුදුසු බන්ධනාගාරයකට මාරු කිරීමට ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබේ.

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

පවතින තත්ත්වය ඉතා අවදානම් - වහාම ක්‍රියාත්මක පරිදි මේ පාසල් සියල්ල වසා දමයි

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න

දවස් හතරක් එක දිගට කෑම ලෝකෙක තනි වෙන්න ආසද? Reecha Food Festival කෑම පිස්සෙක්ට කියාපු දවසක් මෙන්න