ඉදිරි පැය 48 ඇතුළත කැලණි ගඟේ ජල මට්ටම ගැන විශේෂ නිවේදනයක් – 05 වෙනිදා වෙනකම් පරිස්සම් වන්න
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණිය සඳහා පෙරේදා දින ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන අදියර 01 යටතේ නිකුත් කර ඇත.
එම නිවේදනය ඉදිරි පැය 48 දක්වා දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ ඒ අනුව, අදාළ නිවේදනය මෙම මස 05වන දින උදෑසන 11.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත
වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙනු ලබන්නේ එම ප්‍රදේශවල පදිංචි මහජනතාවට මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන ලෙසයි .
මේ අතර එම ප්‍රදේශ හරහා ඇති අතුරු මාර්ගවලින් ගමන් ගන්නා රියදුරන්ද සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන්නැයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත.