ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න
මැදපෙරදිග යුද ගැටුම් තත්ත්වය හේතුවෙන් ඉන්ධන සහ බලශක්ති අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ජනපති අනුර කුමාර දිසානායක ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඒ අනුව ජනපතිවරයා මේ ඉල්ලීම කර ඇත්තේ තවත් මාස දෙකක් සඳහා ඉන්ධන සහ බලශක්ති සැපයුම් සුරක්ෂිතව පැවතිය ද වර්තමානයේ මැදපෙරදිග පවතින තත්ත්වය සලකා බලමින් බව සඳහන්.