අද මධ්‍යම රාත්‍රියේ සිට මේ ආහාර වල මිල ගණන් ඉහළට - අලුත් මිල මෙන්න

Report

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි. ඒ අනුව, ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් මිල ඉහළ නංවා ඇත.

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

"ලංකාවේ කෑම රසයි ඉදිආප්ප පිට්ටු හොදයි - මුහුදේ මැරෙන්න හිටිය අපිට ලංකාව පිහිට වුණා" ඉරාන සෙබළුන් ලංකාවට හොද කියයි

ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩර මිල ඉහළ යාම හේතුවෙන් මෙම මිල ඉහළ යාම සිදුව ඇත.

ඒ අනුව,

රු. 3,690.00ක්ව පැවති 12.5kg සිලින්ඩරයක් රු 300.00 කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 3,990.00ක්.

එමෙන්ම රු 1,482.00ක්ව පැවති 5kg සිලින්ඩරය රු 120.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 1,602.00ක්.

මේ අතර රු 694.00ක් ලෙස පැවති 2.3kg සිලින්ඩරය රු.56.00කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රු 750.00ක් බව ලිට්රෝ ගෑස් ලංකා සමාගම පවසයි.

තවද, පෙරේදා (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීම සඳහා තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

පැය 16කට වතුර කපනවා - දැන්ම වතුර රැස්කරගන්න නැත්නම් අමාරුවේ

පැය 16කට වතුර කපනවා - දැන්ම වතුර රැස්කරගන්න නැත්නම් අමාරුවේ

ඒ අනුව,

රු. 293ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 317ක්.

එමෙන්ම, රු. 340ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රු. 25කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 365ක්.

රු. 281ක්ව පැවති සුදු ඩීසල් ලීටරයක මිල රු. 22කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 303ක්.

එමෙන්ම, රු. 329ක්ව පැවති සුපිරි ඩීසල් මිල රු. 24කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 353ක්. භූමිතෙල් මිලද රු. 182ක්ව පැවති මිල රු. 13කින් ඉහළ දමා ඇති අතර, නව මිල රු. 195ක්.

කෙසේ වෙතත්, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සාපේක්ෂව සයිනොපෙක් සහ IOC සමාගම් ද ඉහළ දැමීමට තීරණය කර ඇත.

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්