ලංකා ගුරු සංගමයේ සභාපතිගේ වැඩ තහනම් වේ

Report

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වේ.

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න

මෙම තීරණය ගෙන ඇත්තේ උතුරු මැද පළාතේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ. ජයලත් මහතා විසිනි.

වැඩ තහනමට හේතු වී ඇත්තේ, උතුරු මැද පළාතේ වාහන කිහිපයක් ටෙන්ඩර් කොට අලෙවි කිරීම සම්බන්ධ සිදුවීමකට අදාළව රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාවයි.

බිහිසුණු ගුවන් අනතුරේ නවතම දර්ශන එළියට (VIDEO)

බිහිසුණු ගුවන් අනතුරේ නවතම දර්ශන එළියට (VIDEO)

ප්‍රධාන ලේකම්වරයා විසින් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වෙත යවන ලද 2025.06.06 දිනැති ලිපියෙන් මෙම චෝදනා සහ වැඩ තහනම දැනුම් දී ඇත.

ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවය කරයි.

ඔහුට වෘත්තීය සමිති කටයුතු සඳහා 2025.02.01 දින සිට 2026.01.31 දින දක්වා නිදහස් කාලයක් ලබා දී තිබියදී, එයින් පරිබාහිරව, “අපි පුරවැසියෝ” සංවිධානයේ කැඳවුම්කරු ලෙස තමන් හඳුන්වා දෙමින්, මැයි මස 30 වැනි දින රූපවාහිනී නාලිකාවකට අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව ලිපිය මගින් චෝදනා කර ඇත.