ගුවන් අනතුරේ සිදුවූ හාස්කම - සුභ ආරංචියක් මෙන්න [PHOTOS]

India Plane Crash Latest Headlines Sinhala news Ahmedabad
By Ashfa Jun 12, 2025 02:46 PM GMT
Ashfa

Ashfa

Report

අනතුරින් සියල්ලම මිය නොගිය බවත් එක් අයෙකු බේරී ඇති බවත් වාර්තා වේ.

ගුවන් යානය කඩා වැටුණ වෛද්‍ය විද්‍යාලයත් විනාශයි-වෛද්‍ය සිසුන්ගේ ජිවිතත් අහිමි වේ (PHOTO)

ගුවන් යානය කඩා වැටුණ වෛද්‍ය විද්‍යාලයත් විනාශයි-වෛද්‍ය සිසුන්ගේ ජිවිතත් අහිමි වේ (PHOTO)

Air India සමාගමේ London Gatwick වෙත ගමන් බසින AI171 ගුවන් යානයක් අද දිනයේ දවල් 2.00 ට බිඳවැටී ඇතැයි වාර්තා වේ. Boeing 787 Dreamliner වර්ගයේ එම යානය BJ Medical College හි වෛද්‍යවරුන් සඳහා වෙන් කළ නේවාසික බිම් ප්‍රදේශයකට පහළවී තිබුණි.

මෙම අනතුරෙන් පසුව 11A අසුනේ සිටි පුද්ගලයෙකු පුදුමාකාර ලෙස ජීවත්වීම පිළිබඳව අහමඩාබාද් පොලිස්පති GS Malik මහතා විසින් තහවුරු කරනු ලැබීය. “පොලිසියට ජීවත්ව සිටින පුද්ගලයෙකු 11A අසුනේ සිටි බව හමු වුණා. ඔහු මේ වනවිට රෝහල්ගත කරලා ප්‍රතිකාර ලබනවා. මරණ සංඛ්‍යාව ගැන මේ මොහොතේ කිසිවක් පැවසිය නොහැක.

ගුවන් අනතුරින් සිදුව ඇති විනාශය මෙන්න ... (PHOTO)

ගුවන් අනතුරින් සිදුව ඇති විනාශය මෙන්න ... (PHOTO)

නේවාසික ප්‍රදේශයකට යානය බිඳවැටුණු නිසා, මරණ ගණන වැඩි විය හැක,” Malik මහතා ANI වෙත දුරකථන හරහා පැවසීය. යානයේ සිටි පුද්ගලයින් 232 ක් සහ කාර්ය මණ්ඩල 10 දෙනෙක් සිටි බවත්, එය ඉතා වේගයෙන් ගිලී ගොස් දැඩි පිපිරීමකින් පසු ගින්නක් හටගෙන ඇතැයි ද කියයි. “අපිට දැකගන්න ලැබුණේ යානය ඉතා පහළින් පියාසර කරමින් කඩා වැටීමයි. එය වෛද්‍යවරුන්ගේ නේවාසික ගොඩනැගිලිවලටම පතිත වුණා,”

ප්‍රදේශවාසීන් වූ Haresh Shah මහතා PTI වෙත පැවසීය. මෙම බිඳවැටීමෙන් පසුව ගොඩනැගිලි කිහිපයකටම ගින්නක් හටගෙන ඇති අතර, එහි වාසය කරන බොහෝ පුද්ගලයින් සහ මෝටර් රථ කිහිපයක්ද දැඩි හානි වලට ලක්වී ඇත. Boeing සමාගම නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස පැවසීය: “Flight 171 සම්බන්ධයෙන් අපි Air India සමාගම සමඟ සම්බන්ධ වී සිටින අතර, අවශ්‍ය සහාය ලබාදීමට සූදානම්. ගමන්කරුවන්, කාර්ය මණ්ඩලය, පළමු ප්‍රතිචාර දක්වන අය සහ සියලුම බලපෑම් ලද පාර්ශ්වයන් සම්බන්ධයෙන් අපගේ සිතිවිලි සහානභූතියි.”

මටත් බුකියේ වීරයෙක් වෙන්න තිබ්බා... පාසලේ සමරු ඵලකය නිසා වෙච්ච ඇබැද්දිය ගැන නලින්ද කට අරී

මටත් බුකියේ වීරයෙක් වෙන්න තිබ්බා... පාසලේ සමරු ඵලකය නිසා වෙච්ච ඇබැද්දිය ගැන නලින්ද කට අරී

මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා ඇමැති Ram Mohan Naidu Kinjarapu මහතාද අනතුරට පසුව වහාම සිද්ධියට පැමිණියේ rescue මෙහෙයුම් නිරීක්ෂණය සඳහාය. “මේ මොහොතේ, මගේ සිතෙහි තියෙන්නේ මඟියන් සහ ඔවුන්ගේ පවුල් පිළිබඳව පමණි. බොහෝ ආයතන මේ rescue මෙහෙයුමට සම්බන්ධ වී තිබෙනවා. මේ සිදුවීම පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් සිදුකරනවා,” ඔහු පැවසීය.

තවමත් නිලවශයෙන් මරණ සංඛ්‍යාව පිළිබඳ තහවුරුකිරීමක් නොමැති අතර, තුවාල ලැබූ පිරිස හා හඳුනාගැනීමක් නොවී සිටින පිරිස සම්බන්ධයෙන් සෙවීම් ක්‍රියාත්මක වේ. මෙය වසරකටත් වඩා වැඩි කාලයකට පසුව සිදුවූ විශාලතම ගුවන් අනතුරක් ලෙස සළකන්නට හැකිය.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

Gallery
ReeCha