රේගුව ඩිජිටල්කරණය කරන්න ජනපතිගේ විශේෂ අවධානය

Report

 අද (08) පස්වරුවේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වේ.

එහිදී රේගු ක්‍රියාවලියේ සංකීර්ණත්වය නිසා මතුව ඇති ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ එහිදී 2030 දී මෙරට ඩිජිටල් ආර්ථික උපායමාර්ගික අරමුණු සාක්ෂාත් කර ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ආයතනික ක්‍රියාවලිය ඩිජිටල්කරණයට මේ දක්වා ගෙන ඇති තාක්ෂණික විසඳුම් සහ මතුව ඇති අභියෝග සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ බවයි.

එසේම ජනාධිපතිවරයා විසින් එහිදී නිලධාරින්ට උපදෙස් දී තිබුණේ ප්‍රධාන අභියෝගයක්ව පවත්නා නීති සංශෝධනය කිරීමේ කාර්යය හැකි ඉක්මනින් සිදු කිරීමටයි.

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

තිසරගේ කුයික් එක දැකලා හිටපු බිරිඳට මල පනී අපි තාම ඩිවෝස් වෙලත් නෑ, ඉතින් මොකද දැන් බිරිඳ උත්තර දෙයි

එමෙන්ම මේ වන විට ක්‍රියාත්මක වන ASYCUDA පද්ධතිය සහ එහි ඇති අඩුපාඩු, ජාතික තනි කවුළු සේවාව (National Single Window), ආනයන සහ අපනයන නිවැරදිව වාර්තාගතකරණය, බදු නිදහස් කිරීම්, ආදායම් නිවැරදිව හඳුනා ගැනීම ආදී අභියෝගවලට ඩිජිටල්කරණය මගින් ලබා ගත හැකි විසඳුම් සහ දැනට ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල දියුණුව ද මෙහිදී සමාලෝචනයට ලක් කර ඇති බව සඳහන්.

ඊට අමතරව දැනට මතුව තිබෙන විද්‍යුත් වාණිජ්‍ය (e- commerce) සම්බන්ධ ගැටලුවද මෙහිදී අවධානයට ලක් වූ අතර, ඒ වෙනුවෙන් පාරිභෝගිකයා මූලික කර ගත් කඩිනම් හා සාධාරණ විසඳුමක් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා අඳාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන