උජාරුවෙ ගිය ජනපතිගේ චීන සංචාරයේ හුටපට මෙන්න!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරයේදී එහි වියදම් දැරූ සමාගම්, මෙරට ආයෝජන සඳහා බදු සහන ඉල්ලා ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
එම සමාගම්වලට බදු සහන ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) ඊළඟ වාරිකය ප්‍රමාද වීමටද හේතුවක් වී ඇති බව ඔහු සඳහන් කළේය.
එසේම, ජනාධිපතිවරයා මෑතකදී වියට්නාමයේ සංචාරයකින් පසු පුද්ගලික ජෙට් යානයකින් මෙරටට පැමිණි බවත්, එම ගමනට ලබාදුන් බදු සහන පිළිබඳ ඉදිරියේදී ජනතාවට තොරතුරු හෙළි වනු ඇති බවත් ඔහු පැවසීය.
රාජ්‍ය නායකයන්ගේ රාජ තාන්ත්‍රික සංචාරවලදී ඇතැම් පුද්ගලයන් හා සමාගම් සපයන සහාය නොමිලේ නොවන බවත්, එවැනි සහායට ඉදිරියේදී දෙතුන් ගුණයක වැඩි පිරිවැයක් ගෙවීමට සිදුවන බවත් රණවක මහතා අවධාරණය කළේය.
මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ පොඋද්ගලික නාලිකාවේ වැඩසටහනට එක්වෙමිනි.