අඩු ආදායම්ලාභීන්ගේ බඩට ගහන්න යන දේශීය ආදායම් පනත..

Report

දේශීය ආදායම් පනත සංශෝධනය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.

2025 අප්‍රේල් 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රඳවා ගැනීමේ බදු අනුපාතය 5% සිට 10% දක්වා ඉහළ දැමීමට අදාළ නීතිමය ප්‍රතිපාදන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මගින් හඳුන්වා දී ඇත.

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

පාතාල කල්ලි මෙහෙයවෙන දේශපාලකයා ගැන ඇමති කෙළින්ම කියයි

වාර්ෂික බදු අයකරන ආදායම් සීමාව රුපියල් මිලියන 1.8 ඉක්මවන ආදායමක් ලබන පුද්ගලයන්ගෙන් රඳවා ගැනීමේ බදු අයකිරීම හේතුවෙන්, එවැනි තැන්පත්කරුවන් හා අඩු ආදායම්ලාභීන් අපහසුතාවට පත්වන බව නිරීක්ෂණය වී ඇත.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස, බදු නිදහස් සීමාවට වඩා පහළ ආදායම් ලබන පුද්ගලයන් සඳහා ස්වයං ප්‍රකාශන ක්‍රමවේදයක් හඳුන්වාදීම යෝජනා කර ඇත.

අපේ ආණ්ඩුවෙන් තමයි හොඳටම කළේ - e passport ගැන කලබල වෙන්න එපා

අපේ ආණ්ඩුවෙන් තමයි හොඳටම කළේ - e passport ගැන කලබල වෙන්න එපා

ඒ අනුව, වසරකට රුපියල් මිලියන 1.8 ට වඩා අඩු තක්සේරු ආදායමක් ලබන සියලු නේවාසික තැන්පත්කරුවන් සඳහා පොලී මත රඳවා ගැනීමේ බද්දෙන් නිදහස් කිරීමට ස්වයං ප්‍රකාශනයක් හඳුන්වාදීමටත්, සියලු බැංකු ගිණුම් විවෘත කිරීමේදී බදු හඳුනා ගැනීමේ අංකය (TIN) අනිවාර්ය කිරීමටත් යෝජනා ඇතුළත් කරමින්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.