ජනපති සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා විය.

ඒ අතර දෙපාර්තමේන්තුව 2026 වසරේ මෙතෙක් ළඟා කර ගෙන ඇති ප්‍රගතියද සමාලෝචනයට ලක් කර ඇත. එමෙන්ම අදාල අරමුණු ඉටු කර ගැනීම සඳහා ආයතනය තුළ සිදුවිය යුතු ප්‍රතිව්‍යුහගතකරණ සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳව සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඊට අමතරව e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඊට අදාල නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද අවධානය යොමු කළේය. ඒ අනුව ව්‍යාපෘතිය නිශ්චිත කාලරාමුව තුළ සම්පූර්ණ කරන ලෙසයි ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේය.