තැපැල් දුම්රිය අද සිට ධාවනයට
By Hashini
තැපැල් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ තැපැල් සේවක වර්ජනය අවසන්වීම හේතුවෙන් අද (01) සිට රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන ලෙසයි.
ඒ අනුව කොළඹ කොටුව - බදුල්ල හා කොටුව - ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
බදූල්ල සිට ධාවනයේ යෙදුණු රාත්‍රී තැපැල් දුම්රිය අද අළුයම පීලි පැනීමට ලක්ව ඇති නිසා අද එම දුම්රියට තැපැල් මැදිරිය එක්කර නැති බවත් හෙට සිට එම තැපැල් දුම්රිය සදහා තැපැල් මැදිරිය එක්කරන බවද පාලක මැදිරිය සදහන් කරනවා.
තැපැල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් දෙදිනක් තැපැල් දුම්රියෙන් තැපැල් මැදිරි ඉවත් කර තිබුණා.
වර්ජනය ක්‍රියාත්මක වුනේ ඉල්ලීම් 10 ක් මුල් කරගෙනයි.