පැතිරෙන අසත්‍ය පුවතක් ගැන දැනුම් දීමක්
ජනාධිපති කාර්යාල නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක බැංකුව සමඟ හවුල්කාරිත්වයෙන් රුපියල් 10,000ක මුදල් ත්‍යාගයක් දුප්පත් ශ්‍රී ලාංකික පුරවැසියන් වෙනුවෙන් අනුමත කර ඇති බවට අන්තර්ජාල සබැඳියාවක්ද සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් පිළිබඳවයි.
මෙම පුවත සත්‍යයෙන් තොර පුවතක් බවයි එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එය මහජනතාව නොමග යවමින් සහ රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ගෙන යන අසත්‍ය ප්‍රචාරයක් බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.