අම්මෝ මේ පූජා උමාශංකර්ගේ දුවද? මෙල්බන් හොල්ලන අපේ පූජා බලන්නකෝ [PHOTOS]
ජනප්‍රිය නිලි පූජා උමාශංකර් කියන්නේ ඉන්දියානු සහ ශ්‍රී ලංකා චිත්‍රපට කර්මාන්තයේ නොමැකෙන තරුවක්.
සිය වෘත්තීය ජීවිතය සරබ් සහ සරන්ගේ අධ්‍යක්ෂණය යටතේ ජේ ජේ චිත්‍රපටය සමග ආරම්භ කරපු ඇය ලංකාවේ කුසපබා දස්කොන් පත්තිනි අංජලිකා සරිගම ඇතුළු චිත්‍රපට රැසකින් රසිකයන්ගේ ආදරය දිනාගත් චරිතයක්.
ඇගේ කතා විලාසයත් දගකාර හැසිරීමත් නිසා ලාංකිකයන් ඇයට ගොඩක්ම ආදරය කරන්න පටන් ගත්තා.
හැබැයි එකවරම ඇය හැමෝගෙන්ම අතුරුදහන් වෙලා ගියා. පූජට මොකද වුනේ? එයා දැන් කොහෙද ඉන්නේ? රසිකයන් අදටත් හොයනවා පුජා ගැන.
ඒත් එයාගේ පෞද්ගලික ජීවිතයත් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටපු ඇය දැන් නැවතත් රසිකයන් සමග සම්බන්ධ වීමට පටන් අරන්.
ඇය ඇයගේ ෆේස්බුක් සමාජ මාධ්‍යයෙන් මෙල්බන් නගරයේ සතුටින් ඉන්න චායාරුප කිහිපයක් එක් කරලා තියෙනවා.
Melbourne felt just like home.. family, cake, and big smiles all around.. ♥️
