කොටහේන අම්ෂිකා දැරියට මොකද වුණේ? මෙන්න අද අධිකරණ තීන්දුව
මාස කිහිපයකට පෙර කොළඹ කොටහේන ප්‍රදේශයේ ඉහළ මහලකින් පැන සියදිවි නසාගත් අම්ෂිකා පාසල් ශිෂ්‍යාව ලිංගික අපයෝජනයට ලක් කළේ කියන නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවා ඇත.
එහිදී අදාල සිදුවීම පිළිබද තොරතුරු විමර්ශන තවදුරටත් සිදු කරන බව පොලීසිය විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
නඩුවේ විමර්ශන සිදු කරන ළමා හා කාන්තා කාර්යාංශයේ කොළඹ උතුර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරිය අධිකරණය ඉදිරියේ කරුණු දක්වා ඇත්තේ හමුවූ සී.සී.ටී.වී දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට යවා ඒ ඔස්සේ වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.
නඩුවට අදාළ ප්‍රකාශ ගණනාවක් සටහන් කර ගැනීමට සුදානම් බවත් පොලීසිය පවසයි.
එමෙන්ම මෙම සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තා ද පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය සැප්තැම්බර් මස 29 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළේය.
