පොලිසියට නොමිලේ ආහාර දුන් නැත්නම් හෝටල් වලට ලෙඩ දානවද? පොලිසියෙන්ම නිවේදනයක්

Report

පොලිසිය වෙතින් නොමිලේ ආහාර සහ පාන ලබාදීමට අවස්ථාවලදී පියවර නොගැනීම හේතුවෙන් බලපෑම් සිදුවී ඇති බව කියමින් බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු විසින් එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර ඇත.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

2025 ජූලි 25 වනදා තලංගම පොලිස් වසමේ පන්නිපිටිය පාර, පැලවත්ත පිහිටි හෝටලයක සේවකයෙකුගේ මුදල් හා රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත, එම සිද්ධියට අදාළව ස්ථානයේ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා නුගේගොඩ සහකාර පොලිස් අධිකාරිය විසින් එම හෝටලයට පිවිසියේය.

අනේ අපොයි - දෙනෝදාහක් බලන් ඉද්දි සුපර් මාර්කට් එකේ පිහි ඇනුමක් 11කට තුවාල

අනේ අපොයි - දෙනෝදාහක් බලන් ඉද්දි සුපර් මාර්කට් එකේ පිහි ඇනුමක් 11කට තුවාල

එම අවස්ථාවේදී, හෝටලය ඉදිරිපිට පදික මාර්ගයෙහි සිටි පුද්ගලයින් දුම්වැටි භාවිතා කරමින් සිටි බව සහ ඒ සම්බන්ධයෙන් හෝටලයේ හිමිකරු සමඟ පැවැති සංවාදය සීසීටීවී දර්ශන මගින් සමාජ ජාලවලට වෙනත් අර්ථයකින් ඉදිරිපත් කර ඇති බවද පොලීසිය පැවසීය.

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට මාලිමා ආණ්ඩුව අත තියයිද? අලි සබ්රි කියන දේ

මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට මාලිමා ආණ්ඩුව අත තියයිද? අලි සබ්රි කියන දේ

මෙම දර්ශණය වන වීඩියෝ පටයේ සඳහන් පරිදි පොලිසිය සන්තෝසම් ලබා නොදීමක් සම්බන්ධයෙන් යම් අනීතික ක්‍රියාවක් සිදු කිරීමක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා හැකියාවක් ඇති අතර එසේ මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි සම්බන්ධව කවර තරාතිරමක නිලධාරීයෙකු වුවද නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය කිසි විටකත් පසුබට නොවන බව අවධාරණය කරනු ලැබේ.