මුස්ලිම් විවාහ හා දික්කසාද පනතට මාලිමා ආණ්ඩුව අත තියයිද? අලි සබ්රි කියන දේ

Ali Sabry Marriage Law and Order Latest Headlines Sinhala news
By Ashfa Jul 26, 2025 08:50 AM GMT
Ashfa

Ashfa

Report

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත (MMDA) කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු බව ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා අවධාරණය කරයි.

ඔහු තම ෆේස්බුක් ගිණුමේ “යුක්තිය ජයගත යුතුයි – අපේම ප්‍රජාව තුළ පවා” යන ශීර්ෂය යටතේ සටහනක් පළ කරමින්, වත්මන් නීතිය මුස්ලිම් කාන්තාවන්ට විශේෂයෙන් අසාධාරණ බව පෙන්වා දී ඇත.

ඒ මහතා පැවසුවේ, ගෞරවය අයුක්තියට ආවරණයක් විය නොහැකි අතර, විශාල ප්‍රතිසංස්කරණ කටයුත්තක් දැන් සිදුවිය යුතු බවයි.

1971 සිට කමිටු පත් කරද්ද MMDA නීතිය සෑහෙන ලෙස සංශෝධනය වී නැති අතර, තවදුරටත් පද්ධතියේ විශ්වාසය නැතිවීමේ අවදානමක් පවතින බව ඔහු සඳහන් කරයි.

අලි සබ්රි මහතා අනාවරණය කළේ, කාතිවරුන් 60 දෙනෙකුගෙන් 6 දෙනෙක් අල්ලස් සිදුවීම්වලට සම්බන්ධ වී ඇති අතර, මෙය පුද්ගල ගැටළුවක් නොව පද්ධතිමය ගැටළුවක් බවයි.

ඔහු යෝජනා කළ ප්‍රතිසංස්කරණ 8 අතර, විවාහ වයස අවම වශයෙන් 18ක් වීම, කාන්තාවන්ට අත්සන් අයිතිය, කාතිවරුන් සඳහා සුදුසුකම්, කාන්තාවන්ටත් කාති වශයෙන් සේවය කිරීම, දික්කසාද නඩු දිස්ත්‍රික් අධිකරණයට යොමු කිරීම ඇතුළත්ය.

එම පනත් කෙටුම්පත දැනටමත් සකස් කර ඇති අතර, නීතිපතිවරයාගේ අනුමැතියද ලැබී ඇතැයි ඔහු පවසයි.

ReeCha