පොලිසිය සමග ගැටුමක්..වෙඩි තැබීමකින් පුද්ගලයෙක් රෝහලේ.
By Aruna
අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර ඊයේ දින (05) රාත්‍රී 10ට පමණ ඇතිවූ ගැටුමකදී වෙඩි තැබීමක් සිදු වී ඇති බව වාර්තා වනවා.
මෙම වෙඩි තැබීමෙන් සිවිල් වැසියකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
එමෙන්ම පොලිස් නිලධාරීන් 11ක් ද රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
පොලිස් මාර්ග බාධකයකදී යතුරුපැදියකින් ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඇදවැටීමෙන් තුවාල ලැබීම හේතුවෙන් වෙනත් පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.
මෙහිදී සිදු වූ වෙඩි තැබීමේදී එක් අයෙකුගේ පාදයට තුවාල සිදු වී ඇත.
වෙඩි තබා ඇත්තේ පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියෙකු බව පැවසේ.
පොලීසිය මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |