ලංගම බස් එකෙ බරටම සූ ගාලා කසිප්පු ඇදලා.. අවසානයේ රියදුරාට තරු පෙනෙන්නම වුණ දෙය..
රත්මලාන ඩිපෝවට අයත් ලංගම බස් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර නගරයේ දී ය.
පානදුර දකුණ පොලිසිය මඟින් මෙම සැකකාර රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු විසින් විරෝධී මත්පැන් මිලි ලීටර් 3000ක් ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය පැවසුවේ ය.
අලුත්ගම සිට කොළඹ බලා ධාවනය වූ ලංගම බස් රථයක නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත එම රථය නවතා පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
එහිදී බස් රථය තුළ ඉතා සූක්ෂම අයුරින් සඟවා තිබූ මෙම නීති විරෝධී මත්පැන් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් රියදුරු වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වියේ පසුවන අයෙක් වේ.
කෙසේ වෙතත්, සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළේ ය.