වරායේ තිබෙන සැක කන්ටේනර පරික්ෂාවට පොලීසියෙන් පියවර

Report

මිද්දෙණියේදී සොයාගත් කන්ටේනර් දෙකට සම්බන්ධකම් ඇතැයි පැවසෙන අයිස් මත්ද්‍රව්‍ය හෝ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය ඇතැයි සැක කරන කන්ටේනරයක් ඉදිරි දින කිහිපය තුළ පරීක්ෂා කිරීමට නියමිතව ඇතැයි පොලිස් තොරතුරු සඳහන් කරයි.

එම කන්ටේනරය මෙතෙක් කොළඹ වරාය භාරයෙන් නිදහස් කර නැති බවත්, ඉකුත් බ්‍රහස්පතින්දා වන විට එම කන්ටේනරය සම්බන්ධයෙන් සියලු ආරක්ෂක පියවර ගෙන ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය.

පිවිතුරු හෙළ උරුමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් එළියට

පිවිතුරු හෙළ උරුමයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් එළියට

මිද්දෙණියෙන් සොයාගත් කන්ටේනර් දෙක සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට ඉකුත් අගෝස්තු මාසයේදී තොරතුරු ලබාදුන් පොලිස් නිලධාරියා මෙම කන්ටේනරය ගැනද තොරතුරු ලබා දී ඇති බව සඳහන්ය.

එම කන්ටේනරය මෙතෙක් පරීක්ෂාවකට ලක්කර නැති බව පොලිස් දිනය පැවති දා පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමට අදාළ නිලධාරියාගේ පාර්ශ්වයෙන් කටයුතු කර ඇති බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

නාමල් දැන් ජනප්‍රියයි ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත

නාමල් දැන් ජනප්‍රියයි ඒකයි බොරුවට මඩ ගහන්නේ, මම කවදාවත් පොහොට්ටුවට විරුද්ධව කතා කරන කෙනෙක් නෙවෙයි - රෝහිත

අදාළ නිලධාරියා විසින් සිය ඉහළ නිලධාරීන් මඟින් යොමුකර තිබූ එම තොරතුර විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට යොමුකර තිබෙන බව ද සඳහන්ය.

ඒ ගැන පොලිස්පතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් විමසන තුරුම අදාළ කන්ටේනරය සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගෙන නැති බව අනාවරණය වී තිබේ.

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

මේ ලග්න අය ප්‍රවේසමෙන් කටයුතු කරන්න - මෙන්න අද දවසේ ලග්න පලාපල

දවස් 7න් කිලෝ 5ක් බර අඩුකර ගමුද? මෙන්න ෆුල් ඩයට් ප්ලෑන්

දවස් 7න් කිලෝ 5ක් බර අඩුකර ගමුද? මෙන්න ෆුල් ඩයට් ප්ලෑන්