ලොකු වාසියක් - ඇමරිකාවෙන් ලංකාවට ඩොලර් මිලියන 100ක්
ලෝක බැංකු සමූහයේ ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහයක් ලබාදීමට සුදානම් වේ.
ඒ ශ්‍රී ලංකා රජයට ඒකාබද්ධ ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික ඔරොත්තු දීමේ ව්‍යාපෘතිය (Integrated Rurban Development and Climate Resilience Project - IRDCRP) ක්‍රියාත්මක කිරීම සදහාය.
ඊට අනුව 2025 සැප්තැම්බර් 8 වන දින මෙයට අදාල මූල්‍යකරණ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහාවන අධ්‍යක්ෂ ඩේවිඩ් එන්. සිස්ලන් විසින් අත්සන් කර ඇත.