ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගුද? කෙටුම්පත දෙවනවර කියවීම හෙට
හෙට දින (10) පෙ.ව 11.30 සිට ප.ව 3.30 දක්වා “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත විවාදයට ගැනීමට (දෙවනවර කියවීම) තීරණය කර ඇත.
අද (09) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙය තීරණය කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මේ බව දැනුම් දී තිබේ.