පුතා උදේ යද්දි පන්සලට පඬුරු දාලා ගියේ එයා අනතුර වලක්වා ගන්න උත්සාහ කරා. එයා නරක ළමයෙක් නෙමෙයි- රියැදුරුගේ මව
පසුගියදා ජීවිත පහළොවක් බිලි ගනිමින් ඇල්ල ප්‍රපාතයකට ඇද වැටුණු ශෝචනීය අනතුර සම්බන්ධයෙන් මෙවන විට විවිධ කරුණු අනාවරණය වී පවතී. ඒ අනුව පොලිසිය සඳහන් කරන ආකාරයට රියදුරුගේ නොසලකිල්ල හේතුවෙන් බසය පාලනය කර ගැනීමට නොහැකිව අනතුර සිදුවී ඇති බවට අනාවරණය කළේය.
නමුත් බස් රථය පැදවූ රියැදුරාගේ මව ඒ සම්බන්ධයෙන් සංවේදී කතා කීපයක් ප්‍රකාශ කර තිබේ.ඇය සදහන් කරන ආකාරයට,
"මගේ දරුවට බස් එකෙන් පැනලා පණ බේරගන්න පුළුවන්කම තිබිලත් එයා එහෙම කරලා නෑ.එයා අවසන් මොහොතෙක් කට්ටිය බේරගන්න උත්සාහ කර තිබෙනවා."
යනුවෙන් ඇය සඳහන් කරන අතර චිරාන් දිමංක විසි හත් හැවිරිදි විවාහක තරුණයෙකි .ඔහුගේ මව යමුනා මහත්මිය නෙටොල්පිටිය මහ විදුහලේ අනධ්‍යන කාර්යමණ්ඩලයේ සේවිකාවක් ලෙස කටයුතුු කරයි.ඇය සිය පුතුගේ අනපේක්ෂිත වියෝවෙන් කම්පනයට පත්ව සිටින අතර පුතා ගැන නැවතත් මතකය අවදි කරේ පහත ආකාරයටයි.
'මගේ පුතා හරි අහිංසක දරුවෙක්. නිතරම විනෝදයෙන් කල්ගත කළේ. පුතා විවාහකයි. දුව තංගල්ලේ රෙදිපිළි වෙළෙඳ සැලක වැඩ කරනවා. එයාලට තවම දරුවො නැහැ. පුතා වීරකැටිය සෙන්ට්‍රල් එකේ උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. ඔහුගේ එකම ආශාව තිබුණේ රථවාහන රියදුරෙකු වෙන්නයි.
ඔය ගිය බස් එක චාරිකාවන් යන එකක්. ඒ බස් එකට ට්‍රිප් එකක් ආවොත් පුතාට තමයි ඩ්‍රයිවින් කරන්න දෙන්නේ. ඔය පුරුදු වෙන්න ගිය ගමනක් නෙවෙයි. එයාට දැන් එක එක කතා කියනවා. මගේ පුතා එහෙම දරුවෙක් නෙවෙයි. මොනවා වුණාද කියලා මට හිතාගන්න බැහැ. උදේ යනකොට හේනකඩුව පන්සලට පඬුරු දමලා ගිය දරුවා. පුතාට ඕනෑකමක් තිබුණානම් බස් එකෙන් පැනලා පණ බේරාගන්න තිබුණා. නමුත් එයා එහෙම කළේ නැහැ. අන්තිම මොහොත දක්වා බස් එක බේරාගන්න උත්සාහ ගන්න ඇති.'
'